
නිතරම ගෙදරට වෙලා ඉන්න වෙන මේ කාලේ රථ ගාය තියෙන අයට ඒකෙන් නන් අඩුවක් වෙන් නැති නිසා අද අපි බලමු රථ ගායට විසඳුමක් දෙන බයික් රයිඩින් පීසී ගේම්ස් ටිකක් ගැන.
TT Isle of Man Tourist Trophy තරගය මූලික කරගෙන කිලෝමීටර් හැටක් පමණ දුර තියෙන ස්නීෆීල් කන්දු පන්තිය (Snaefell Mountain Course) අතරෙන් යන්න තියෙන මාර්ගෙක තමයි මේ ගේම් එක හැදිලා තියෙන්නේ. 2018 දී මේ ගේම් එකේ පළවෙනි වර්ශන් එක අපිට ප්ලේ කරන්න හම්බුනායින් පස්සේ 2020 වෙනකොට මේකේ දෙවෙනි වර්ශන් එක TT Isle of Man – Ride On The Edge 2 කියලා අපිට ප්ලේ කරන්න පුලුවන් වෙනවා.
මේ 2020දි එළිදැක්වුන ගේම් එකේ විශේෂත්වේ තමයි හැම මීටරයක් ගානෙම අපිට දකින්න හම්බෙන්නේ ඇත්තම ට්‍රැක් එකේ තියෙන ඩීටේල්ස් ඒ විදිහටම. ඒ වගේම තමයි ස්පීඩ් එක, බයික් එකේ එන්ජින් එකෙන් දෙන පවර් එක, හැන්ඩ්ලින් ඒ සේරම ගොඩක් දුරට හරියාකාරවම ක්‍රීඩකයාට සමීප කරන්න මේ ගේම් එකේ ඩිවලොපර්ස්ලට හැකියාව ලැබිලා තියෙනවා. මේ ගේම් එකේ රියල් රයිඩර්ස්ලා එක්ක අපිට දැක ගන්න පුළුවන් වෙන්නෙ Ducati, Honda, BMW කියන බයික් බ්රැන්ඩ් තුන විතරයි.
2018 ගේම් එකට වඩා හැන්ඩ්ලින් අතින් ගොඩක් ඉම්පෲව් වෙලා තිබ්බත් 2020 ගේම් එකෙත් තව ඉම්පෲව්මන්ට් තිබ්බ නන් හොඳයි කියලා තමා ලෝකෙ පුරා ඉන්න ක්‍රීඩකයන්ගේ අදහස. මල්ටිප්ලේයර් පහසුකම ගැන බැලුවොත් ස්ප්ලිට් මූඩ් එකක් මේ ගේම් එකේ දීලා නෑ. උපරිම 8 දෙනෙක්ට සහභාගී වෙලා රේස් එකක් ප්ලේ කරන්න පුළුවන්. ඔන්ලයින්, ඕෆ්ලයින් කියන ක්‍රම දෙකටම මේ මල්ටිප්ලේයර් පහසුකම අත්විඳින්න පුලුවන්. ඉතින් ඔයාටත් හීනයක් තිබ්බ නන් මේ ස්නීෆීල් කඳු පන්තිය අතරින් යන මේ රේස් එකේ ක්‍රීඩකයෙක් වෙන්න, මේක හොඳ අවස්ථාවක් මේ විදිහෙන් හරි ඒ ෆීලින් එක ගන්න. Playstation, XBOX සහ PC Versions විදිහට මේ ගේම් එක ඔයාලට ප්ලේ කරන්න පුලුවන්.
SYSTEM REQUIREMENTS
මේ ගේම් එක නන් අපේ Motocross ෆෑන්ස් ලා වෙනුවෙන්ම ගෙනාපු එකක්. MXGP 2020. මේක තමයි ලෝකේ Motocross චැම්පියන්ශිප් වල ඔෆීශියල් ගේම් එක. රයිඩර්ස්ලා 68ක් ,එකිනෙකට වෙනස් ට්‍රැක් 19ක් මේ ගේම් එකට ඇතුලත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවේ, ඒ ට්‍රැක් 19ත් බෝරින් වගේ නන් තමන්ටම හරියන ට්‍රැක් එකක් බිල්ඩ් කරගන්න Track Editor ෆීචර් එකත් මේ ගේම් එකේ දීලා තියෙනවා. 110 ක් පමණ වෙච්ච එකිනෙකට වෙනස් බ්රෑන්ඩ්ස්, ඊටත් වඩා ගණනක් වෙච්ච අමතර කොටස්, මොඩිෆිකේශන් අයිටම්ස් මේ ගේම් එකේ සපයලා තියෙනවා තමන් කැමති සිහින බයික් එක බිල්ඩ් කරගන්න.
හැන්ඩ්ලින් අතින් ගත්තොත් මේ ගේම් එක ඉතාමත් හොඳ තැනක ඉන්නවා. ඇත්තටම Motocross ට්‍රැක් එකක රයිඩ් කරන ෆීලින් එක, ඒ ටෙක්නික්ස් සේරම එක්ක හරියාකාරව ක්‍රීඩකයට ලන් කරන්න සමත් වෙලා තියෙනවා. Play-ground සහ Waypoint කියන ක්‍රම දෙකකට අපිට මේ ගේම් එක ප්ලේ කරන්න පුලුවන්. තමනුත් එක්ක තව තුන් දෙනෙක් එක්ක මල්ටිප්ලේයර් ක්‍රමය යටතේ ක්‍රීඩා කරන්න අවස්ථාව මේ ගේම් එකේ දීලා තියෙනවා. PlayStation, XBOX සහ PC Versions විදිහට මේ ගේම් එක ඔයාලට ප්ලේ කරන්න පුලුවන්.
ඉතින් ට්‍රයි කරලා බලන්න. Motocross වලට ආසා ඔයාලට ඒ මඩී ෆීලින් එක ගන්න මේක හොඳ අවස්ථාවක්.
SYSTEM REQUIREMENTS
MotoGP තරගය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. ඒ ගැන හැමෝම හොඳ හැටි අහලා බලලා තියෙනවා. ඉතින් ඒ MotoGP Series එකේ රියල් ෆීලින් එක ඒ විදිහෙන්ම දෙන්න මේ ගේම් එකට පුලුවන් කම ලැබිලා තියෙනවා. වැලෙන්ටිනො රොසි ද? ඇලෙක්ස් මාකස් ද? දැන් ඒ තමන් කැමති ඕන රයිඩර් කෙනෙක් වෙන්න ඔයාටත් පුලුවන්..
2013 ඉඳලා Milestone s.r.l කියන සමාගමෙන් මේ ගේම් එක එළිදක්වන්න කටයුතු කරා වගේම අද වෙනකන් ඒක ඒ විදිහෙන්ම අලුත් ටෙක්නොලොජි එකතු කරලා උපරිම නිරවද්‍යතාවෙකට ක්‍රීඩකයට මේ ගේම් එක සමීප කරන්න ඒ අය මහන්සි වෙනවා.. බෙගිනර්ස්ලට වගේම එක්ස්පර්ට්ස්ලටත් පුලුවන් තමන්ට චැලේන්ජ් එකක් වෙන විදිහෙ සෙටින්ග්ස් යටතේ මේ ගේම් එක ප්ලේ කරන්න.
Carrier Mode එක ඇතුලේ ඔයාලට පුළුවන් රයිඩර්ව කස්ටමයිස් කරලා ක්‍රියේට් කරගන්න. ඒ වගේම MotoGP, Moto 2, Moto 3 කියන ක්ලාසස් තුනක් යටතේ රේස් තෝරගන්න. තමන්ට අවශ්‍ය ස්ටාෆ් එක තෝරගෙන අවශ්‍ය ඩිවලොප්මන්ට්ස් ඒ ඒ විදිහට කරගන්නත් මේ ගේම් එක ඇතුලෙම පුළුවන් කම තියෙනවා.
2019 න් පස්සේ ඔන්ලයින් මූඩ් එකටත් සර්වර්ස් වෙනම වෙන් කරලා ඒ පහසුකමත් සපයලා තියෙනවා. 2020 ට වඩා 2021 ග්රැෆික්ස් වල තරමක් ඉම්පෲව්මන්ට් එකක් දකින්න පුළුවන්. ඉතින් බලන්න මේ ගේම් එක ඔයාට කොහොම සෙට් වෙයිද කියලා.
SYSTEM REQUIREMENTS
MotoGP ගේම් ඩිවලොප් කරපු කරන Milestone s.r.l ආයතනය විසින්ම තමා මේ ගේම් එකත් ඩිවලොප් කළේ. මේ ගේම් එක ගොඩක්ම MotoGP ගේම් එකට සමානකම් පෙන්නුවත් ඊටත් වඩා ෆීචර්ස් කීපයක් එකතු වෙලා 2016දි හැදුනු ගේම් එකක්. GP කාණ්ඩයේ විතරක් නෙවේ, ෆ්ලැට් ට්‍රැක් වල සුපර්මොටෝ බයික්, කාර් එහෙමත් පදින්න පුළුවන් මේ ගේම් එකේ. ඔයා Valentino Rossi ගේ ෆෑන් කෙනෙක් නන් අනිවාර්යෙන්ම මේ ගේම් එකට කැමති වෙයි. 2016 තිබ්බ රේස් විතරක් නෙවේ,ඊට කලින් තිබ්බ MotoGP රේස් එහෙමත් මේ ගේම් එකෙන් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ලෝක ශූරතා නවයකට හිමිකම් කියන මේ ලෙජන්ඩ් ගේ ෆෑන්ස්ලාට ප්ලේ කරන්න පුළුවන් හොඳම ගේම් එකක් කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. PC, PlayStation, Xbox One වර්ශන් විදිහට ඕගොල්ලන්ට මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්.
SYSTEM REQUIREMENTS
Mx vs ATV Reflex කියන්නේ Motocross Madness 1, 2 වගේ ගේම්ස් රිලීස් කරපු Rainbow Studio එකෙන් 2009 දී රිලීස් කරපු ගේම් එකක්.
පරණයි කියලා නෑ. අදටත් ඒ ගේම් එක ප්ලේයර්ස්ලට හොඳට එන්ජෝයි කරන්න පුළුවන් එකක්. පරණ උනාට මේකේ ටෙක්නික් අතින් ගත්තම රියල් රයිඩින් ෆීලින් එක ගන්න ගොඩක් දේවල් කරලා තියෙනවා. රයිඩර්ගේ Body Weight එක පවා මූව් කරන්න පුළුවන් විදිහට කන්ට්‍රෝල්ස් දීලා තියෙනවා ෆ්‍රී ස්ටයිල් ස්ටන්ට්ස් වලට එහෙම සෑහෙන සපෝර්ට් වෙන්න. ගොඩක් පවර්ෆුල් ග්‍රැෆික්ස් කාඩ් එහෙම අවශ්‍ය වෙන්නේ නෑ මේ ගේම් එක ගහන්න. ඉතින් Motocross වලට ආසා අයට මේ ගේම් එකත් ට්‍රයි කරන්න පුළුවන්..
SYSTEM REQUIREMENTS
Grand Theft Auto – The Lost and Damned කියන්නේ GTA DLC විදිහට ආපු වෙනමම ස්ටෝරියක්. මේක සින්ගල් ප්ලේයර් ස්ටෝරි එකක් වගේම බයික් රයිඩින් එක්ස්පීරියන්ස් එක උපරිමේට දෙන ස්ටෝරි එකක්.
ගොඩක් දෙනා නෝමල් GTA IV එකට වඩා DLC එකට කැමතියි..මොකද අපි නෝමල් විදිහට නන් කැමති කැමති විදිහට බයික් එකක් අරන් සිටි එකේ රයිඩ් කරාට මේ Lost and Damned DLC එකේ තමන්ටම කියලා බයික් ගැන්ග් එකක් ඉන්න රයිඩර් කෙනෙක් ගැන ගෙතුනු ස්ටෝරි එකක් තමා මුල සිට අවසානය වෙනකන්ම තියෙන්නේ. GTA ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑනේ. ඉතින් බයික් වලට ආසා ඕගොල්න්ට මේ Lost and Damned DLC එක GTA IV එකත් එක්ක ට්‍රයි කරලා බලන්න පුළුවන්.
SYSTEM REQUIREMENTS
අන්තිම එක වගේම අපිට කතා කරන්න තියෙන සුපිරිම ගේම් එක තමයි මේ. Racing Simulation එකක් නන් හොයන්නේ මෙන්න මේ ගේම් එක තමා ඔයාට හරියනම ගේම් එක.
බයික්ස්, හෙල්මට්ස්, රයිඩින් කිට් වගේ හැම දෙයක්ම ඔයාට මේ ගේම් එක ඇතුලේ මොඩිෆයි කරන්න සහ කස්ටමයිස් කරන්න හැකියාව තියෙනවා. 170ක් පමණ බයික් මොඩ්ල් මේ ගේම් එක ඇතුලේ ඔයාලට දීලා තියෙනවා.
ඔයා බයික් රයිඩින් ගේම් වලට අලුත් නන්, මේ ගේම් එකක් මුලදි ටිකක් අමාරු බවක් පෙනේවි. MotoGP ගේම් එකටත් වඩා අමාරු ගතියක්. Ride 4 මේ ගේම් එක ඩිවලොප් කරලා තියෙන්නේ ගොඩක්ම රේසින් සිමියුලේශන් වලට නිසා එක්ස්පර්ට්ස්ලට වැඩි තැනක් දෙන්න තමයි හදලා තියෙන්නේ. ග්රැෆික් අතින් ගත්තම ඉතාමත් දියුණු මට්ටමක ඉන්නවා වගේම අර අපි ආසා රියලිස්ටික් ෆීලින් එක ගොඩාක් එකතු කරන්න මේ ගේම් එකට පුළුවන් වෙලා තියෙනවා.
මල්ටිප්ලේයර් වලටත් වෙනම ඩෙඩිකේටඩ් සර්වර්ස් දීලා තියෙනවා ක්‍රීඩකයින්ට ඒ පහසුකම ගන්නත්. ඉතින් ඔයා බයික් වලට ආසා ගේමර් කෙනෙක් නන් මේ ගේම් එක නන් මග අරින්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ.
SYSTEM REQUIREMENTS
ඉතින් මීට අමතරව Trials Evolution, Road Redemption, Road Rash වගේ ගේම්ස් එහෙමත් ඔයාට ට්‍රයි කරලා බලන්න පුළුවන්. 2021 වෙනකොට හොඳ මට්ටමක තියෙන ගේම්ස් ටික ගැන තමයි අපි මේ කතා කරේ. තවත් මේ වගේ ගේම්ස් ගැන ඔයාලත් දන්නවා නන් පල්ලෙහා කමෙන්ට් සෙක්ශන් එකේ දාගෙන යන්. ඒ වගේම මේ ගේම්ස් වලින් එකක් හරි ප්ලේ කරලා තියෙනව නන් ඒවා ගැන අදහසකුත් කට්ටියටම බලන්න කියාගෙන යමු. එහෙනන් අපි ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු. ජය!
මේ ගැන මීටත් වඩා සවිස්තරාත්මකව දැන ගන්න බලන්න මේ අපේ Yakada Heena Moto Vlog චැනල් එකෙන් කරපු යූටියුබ් වීඩියෝ එක
Author – Shamal Iroshan