ටූ ස්ට්‍රෝක් ඩර්ට් බයික් ගැන දැනගන්නම ඕනි කාරණා 7ක්

අපි අද කතා කරමු ටූ ස්ට්‍රෝක් ඩර්ට් බයික් වලට අපි ආසා වෙන්න හේතු කාරණා කීපයක් ගැන කෙටියෙන්..

පළවෙනි එක තමා ටූ ස්ට්‍රොක් බයික් වලින් එන සද්දේ..

ට්‍රැක් එකක ඉද්දි ඇහෙන ඒ ටූ ස්ට්‍රොක් සද්දෙට තමා මම නන් ආසම.. මන් දන්නවා ගොඩක් ටූ ස්ට්‍රොක් වලට ආසා අයත් පළවෙනියටම ආසා ඒ හේතුවට.. ඒ විතරක් නෙවේ.. රේසින් ටූ ටී ටිකක් දාලා එහෙම යද්දි එන සුවඳ… ඒක පිස්සුවක්!

දෙවෙනි කාරණාව තමයි මේ බයික් වල එන පවර් බෑන්ඩ් එක..

ගොඩක් කට්ටිය හිතන්නේ මේක බයික් එක ඇතුලේ තියෙන මොකක් හරි දෙයක් කියලා..නෑ..ඩයිනො එකක මේ ටූ ස්ට්‍රෝක් බයික් එකක් දුවලා බැලුවොත් ඒකේ පෙන්නන චාර්ට් එකකට තමා මෙහෙම කියන්නේ.. හෝස් පවර් එක වයි අක්ශයටත්, එක්ස් අක්ශයට RPM එකත් දාලා බැලුවම ඒ එන වක්‍රයෙන් බයික් එකෙන් දෙන පවර් එක පෙන්නනවා… ටූ ස්ට්‍රොක් වල මේ කර්ව් එක X අක්ශයක් එක්ක ටික දුරක් සමාන්තරව ගියත් එක පාරටම ඒ වක්‍රය උඩට යන්න ගන්නවා.. ඉතින් ඒකේ තේරුම තමයි ඉතාම පොඩි වෙලාවකින් මේ බයික් වල පවර් එක හිතන්නවත් බැරි විදිහට වැඩි වෙනවා ෆෝ ස්ට්‍රෝක් බයික් එකක් එක්ක සසඳනකොට..

තුන් වෙනි එක තමයි මේ බයික් පදිනකොට ගොඩක් ක්ලච් එක උවමනා වෙනවා ..

සමහර වෙලාවට අපි අර කලින් කිව්ව පවර් කර්ව් එක තනි ලයින් එකක් විදිහට යන්න ගන්නවා.. ඒ වෙලාවට බයික් එක ගොළු වෙන්න වගේ බලනවා.අපේ භාශාවෙන් කියනව නන් ඒ වෙලාවට හාල්ෆ් ක්ලච් එකක් දීලා ආපහු රෙව්ස්, එහෙම නැත්නන් ආර් පී එම් එක උඩට නග්ගගන්න ඕනා මේ බයික් වල..ඉන් පස්සේ ආයෙම පවර් එක අර කිව්ව විදිහට සාමාන්‍ය විදිහට අපිට ගන්න පුළුවන්.. මේක මෝටර්ක්‍රොස් වලට නන් කොයි වෙලෙත් ඕන දෙයක් ටූ ස්ට්‍රොක් එකක් නන් පදින්නේ..

හතර වෙනි එක තමයි මේ බයික් වල මේන්ටේනන්ස් වැඩ කරන එක හරි ලේස්යි.. 

එන්ජින් රූම් එකේ සාමාන්‍ය ඉඩක් තියෙනවා අපිට ටූල් එකක් එහෙම දා ගන්න අවශ්‍ය නන්. අනික තමා මේ බයික් වල කෑම් ශාෆ්ට් නෑ, වෑල්ව්ස් නෑ, ටයිමින් චේන් නෑ.. ඉතින් ෆෝ ස්ට්‍රෝක් වගේ නෙවේ, ටූ ස්ට්‍රොක් වල එන්ජිම එක්ක පවා වැඩ කරන්න හරිම ලේසියි..ඉතින් ඒ හැටි වියදම් කරන්න අමාරු කෙනෙක් නන් මන් යෝජනා කරනවා මුලින්ම ටූ ස්ට්‍රොක් බයික් එකකට යන්න කියලා..මේ බයික් මිල ගණන් වලිනුත් ෆෝ ස්ට්‍රොක් වලට වඩා ගොඩක් අඩුයි… හැම කෙනාටම දරන්න පුළුවන් මිල ගණන් වලට මේ බයික් හොයාගන්න පුළුවන්..මේ පහළ තියෙන්නේ Husqvarna WR125 2003 වර්ගයේ ලංකාවේ මෝටර්ක්‍රොස් ධාවන පථයේ භාවිතා කරපු ටූ ස්ට්‍රෝක් ඩර්ට් බයික් එකක්..

පස් වෙනි එක තමයි මේ බයික් වල ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් ගොඩක් අඩුයි ෆෝ ස්ට්‍රොක් එක්ක බලද්දි..

 ගොඩක් ටූ ස්ට්‍රොක් කාර්බියුලේටර් තාක්ෂණේ එක්ක තියෙද්දි ෆෝ ස්ට්‍රොක් වල දැන් දැන් අලුතින් එන ඒවා EFI,ඒ කිව්වේ ඉලෙක්ට්‍රොනික් ෆුවෙල් ඉන්ජෙක්ශන් සිස්ටම් එක තමා එන්නේ. ඉතින් මේ බයික් එක්ක ඒ සංකීර්ණ දේවලුත් නෑ..

හය වෙනි එක තමා මේ බයික් සාමාන්‍යයෙන් ෆෝ ස්ට්‍රොක් බයික් වලට සාපේක්ෂව බරින් අඩුයි. කෝනර් එකක වගේ පිකප් කරන්න වගේම , ට්‍රැක් එකට ආවම වාහනෙන් බාන්න,පටවන්න පවා ලොකු වෙහෙසක් ගන්න ඕන නෑ..තමන්ට හොඳ රයිඩින් ස්ටයිල් එකක් තියෙනව නන් ටූ ස්ට්‍රොක් වල, වැඩි මහන්සියක් නැතුව ට්‍රැක් එකේ පදින්න කියාපු බයික් තමා මේවා..

හත් වෙනි එක තමයි ට්‍රැක් එකකදි වගේ මේ බයික් ටිකක් දඟලන්න හරි නැඹුරුයි ෆෝ ස්ට්‍රොක් වලට වඩා… ඒ ෆීලින් එකට සමහර රයිඩර්ස්ලා හරිම ආසයි. ඒත් ඒ ෆීලින් එක එක්ක අන්කම්ෆටබල් අයත් ඉන්නවා.. ඉතින් මේ හේතුව නිසාම මේ බයික් වලටම ආවේණික වෙච්ච භාෂාව හසුරුවන්නත් පදින කෙනා දැනගන්න ඕනි… ඒ කියපු එක තේරුනේ නෑ වගේද? ඒක අපි මෙහෙම කියමු..අපි කතා කරපු පවර් බෑන්ඩ් එක, එහෙමත් නැත්නන් ඩයිනො එකේ දැම්මම එන පවර් කර්ව් එක ගැන බැලුවම මේවයේ පවර් එක මේන්ටේන් කරන්න අපිට ටිකක් හොඳ දැනුමක් ඕනි වෙනවා..එහෙම නැති උනොත් අපිට අහන්න වෙන දේ තමා, මේ බයික් එක දුවන්නේ නෑනේ කියලා.. ඒක ගොඩක් වෙලාවට බයික් එකේ ගැටලුවක් නෙවේ..ඒ බයික් එක පදින කෙනාගේ වැරැද්දක්. අනික තමා එන්ජින්  බ්‍රේක් එකත් ෆෝ ස්ට්‍රොක් එක්ක බැලුවම සාපේක්ෂව අඩුයි..

ඉතින් ඕගොල්ලන්ටත් එකතු කරන්න දේවල් ගොඩක් ඇති. තව දැණුම වගේම ටූ ස්ට්‍රොක් බයික් එක්ක උන අමතක නොවෙන සිද්ධි එහෙම.. දේවල් පල්ලෙහා කමෙන්ට් සෙක්ශන් එකේ දාන්න අනික් අයත් එක්කත් බෙදා ගන්න..එහෙනන් හැමෝටම යකඩ හීන හැබෑ වෙන්න ජය.. පරිස්සමට ඉන්න, පරිස්සමට රයිඩ් කරන්න!

 

මේ ගැන අපි කරපු වීඩියෝ එක බලන්න ඕනි නන් මෙන්න ලින්ක් එක.. මීටත් වඩා සවිස්තරාත්මකව ඒකෙන් පැහැදිලි කරගන්න පුළුවන් වේවි..

Video Link : https://youtu.be/b73WNSOH_yE

Author – Shamal Iroshan

Spread the word

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Read English blog of this article

Latest Blogs

Advertising

Instagram