BMW F 900 R Force Limited Edition යතුරුපැදිය ප්‍රංශයේදී එළිදැක්වෙයි

BMW F 900 R A2 Shifter එඩිශන් එක මූලික කරගෙන මේ යතුරුපැදිය නිම කරලා තියෙන්නේ. ප්‍රෝ ශිෆ්ටර් තාක්ෂණය ඇතුළත්ව තවත් අලංකරණ ටිකක් මේ බයික් එකට එකතු වෙලා තියෙනවා.

Fluorescent yellow වර්ණය, ඒ කිව්වේ අපිට තේරෙන විදිහට කිව්වොත් හයිලයිට් කහ පාට මේ බයික් එකේ විවිධ තැන් වල යොදාගෙන තියෙනවා අලංකරණය පිණිස. ඉස්සරහා තියෙන වින්ශීල්ඩ් එකේ බෝඩර් එකක්, “R” ලෝගෝ එක, ශීට් කවර් එකේ එඩිශන් එකේ නම සහ “Limited Edition” කියලා සඳහන් කරලා තියෙනවා මේ කහ පාටින්. 

San Marino Blue මෙටලික් පාට එක්ක අර කිව්ව කහ පාටත් එක්ක එකතු උන ග්‍රැෆික් කිට් එකක් තමා බයික් එක පුරාම දකින්න පුළුවන්..ඒ වගේම කළු පාට රිම් වල මේ කහ පාටින් හැඩගන්වලා, “F 900 R Force” කියලා අකුරු වලින් සඳහන් කරලා තියෙනවා. එන්ජින් ගාඩ් එකෙත් බෝඩර් එක විදිහට මේ කහ පාට යොදාගෙන තියෙනවා.

ඒ කොහොම උනත් මේ බයික් එක විකුණන්නේ නන් ප්‍රංශය ඇතුලේ විතරයි කියලා තමා දැනට ආරංචිය. යුරෝ 9,790කට මිල ( ලංකාවේ මුදලින් ආසන්නව ලක්ෂ 23ක් පමණ ) සඳහන් කරන මේ බයික් එකෙන් බයික් 300ක් විතරයි ලෝකෙටම නිපදවන්නේ.

Author – Shamal Iroshan

Spread the word

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Read English blog of this article

Latest Blogs

Advertising

Instagram