අලුත් සුපර්බයික් වලට අන්ඩර්ශීට් සයිලාන්සරේ අමතක උනාද?

ඇත්තටම කිව්වොත් ගිය අවුරුදු කීපයේ ආපු බයික් ගැන හිතල බලද්දි හැම නිෂ්පාදකයෙක්ම වගේ අන්ඩර් ශීට් සිස්ටම් එකට තමා බයික් ටික රිලීස් කරේ..

සී බී ආර් 1000 එක ගත්තොත් 2007 වෙනකන් වගේ අන්ඩර් ශීට් ඇවිල්ලා ඉන් පස්සෙ ආයේ සයිඩ් කෑන් වලට මාරු උනා..

ඒ වගේම තමා යමහා ආර් වන් එකත් 2015දී ආයෙම සයිඩ් කෑන් වලට මාරු උනා..

ඒත් ඇයි මේ තරම් ලස්සන,මාර ගති පෙනුමක් ගන්න පුලුවන් කම තිබුනු ඒ සිස්ටම් එකෙන් හැමෝම එළියට ආවේ..අපි දැන් ඒ ගැන කතා කරමු..

Honda CBR1000 RR-R 2020 With the Side Silencer

Honda CBR1000 RR 2007  With the Under-Seat Silencer

පළවෙනිම හේතුව තමයි “බර”..

දැන් ඕගොල්ලන්ට හිතෙන්න පුලුවන් ඉතින් සයිඩ් කෑන් එකත් ඒ තරම්ම බරයිනේ කියලා..නෑ..ඒක නෙවේ ප්‍රශ්නේ..මේ බර පිහිටලා තියෙන තැන…ඒකෙන් බයික් එකේ ගුරුත්ව කේන්ද්‍රය වගේ දේවල් වලට කොච්චර බලපෑමක් එනවද කියලයි බලන්නේ.. වංගුවක් ගන්න නැවෙද්දි,ස්පීඩ් අප් කරද්දි වගේ දේවල් වලදි මේ පිටිපස්සේ මැදින් එකතු වෙන බර හරි කරදරයක් කියලා තමා ඒ අය අවසාන වශයෙන් හොයන් තියෙන්නෙ..අනික් කාරණාව තමයි එහෙම අන්ඩර් ශීට් කරන්න එන බෙන්ඩ් සෙට් එක නෝමල් සයිඩ් කෑන් එකකට වඩා වැඩි දුරක් ගන්න නිසාම වැඩි බරකුත් ගන්නවා..

ඊලඟ හේතුව ට්‍රන්ක් ස්පේස් එක..

ඒ කිව්වේ පිටිපස්සෙ සීට් එක හරියෙන් අපිට හම්බෙන ලොකර් එක වගේ අයිටම් එක..

සාමාන්‍යයෙන් අපි සී බී ආර් ගල් ආර්ම් එකක් වගේ ගත්තොත් ඔරිජිනල් කිට් ඒවයේ තියෙන කැබියේ ගොඩක් ඉඩ තියෙනවා…ඒත් ඉන් පස්සේ ආපු සී බී ආර් 600 අන්ඩර්ශීට් වල වගේ අපිට ඒ තරම් ඉඩක් දකින්න ලැබුන් නෑ..වී එෆ් ආර් වල එහෙම ඒ වගේ එකක් නැත්තෙම නැති තරම්..අපිට ඒක වැඩිය පාවිච්චි නොවුනට ඒ අයට නන් සැහෙන ප්‍රශ්නයක් වෙලා ඒක.

අනික් කාරණා පොදුවේ ගත්තම සයිඩ් කෑන් එකට වඩා අන්ඩර්ශීට් කෑන් එකෙන් සමහර බයික් වල විතරක් රයිඩර්ට අමතර හීට් එකක් පිටිපස්සෙන් දැනෙනවා….උදාහරණයක් විදිහට වී එෆ් ආර් ගතෑකි.

තව මේක හදන්න යන වියදම සයිඩ් කෑන් වලට වඩා ටිකක් වැඩියි.

තව ගලවන්න කරන්න ගියාම අන්ඩර්ශීට් එක ටිකක් කරදරයි..

CBR MC22 Gullarm 250cc Trunk Space

Image Credits: Melan Hasanka

තවමත් මේ අන්ඩර්ශීට් සිස්ටම් එක ෆලොව් කරනව සී බී ආර් 600, එම් වී අගූස්තා 800 වගේ බයික් කිහිපයක්.

කොහොම උනත් අපි ඒ ආසා කරපු ඩිසයින් එක අපෙන් ඈත් වෙන බවක් තමා එන්න එන්නම පේන්නෙ..අපි බලමු ඉතින් ඉස්සරහට මැනුෆැක්චර්ස්ලා මොන වගේ තීරණ මේ සම්බන්ධව ගනීද කියලා..මොකද දැන් දැන් තරගය වැඩි නිසා ඒ අයට පෙනුම වගේම පර්ෆෝර්මන්ස් ගැනත් හිතන්න වෙනවා අනිවාර්යෙන්ම..

මොකද ඊලඟ තත්පරෙත් වැදගත් ජයග්‍රහණය තීරණය වෙන්න…

ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් දාලා අපිට කියන්න. අනික් අයටත් වැදගත් වෙයි කියලා හිතෙනවා නන් ශෙයා කරන්න.

Author – Shamal Iroshan

Spread the word

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Read English blog of this article

Latest Blogs

Advertising

Instagram