
කට්ටියක් ආස තව කට්ටියක් ආස නැති මොඩ්ල් එකක් තමයි මේ අපි කතා කරන්න යන්නේ. ඇයි මේ අමුතු නමක්? මොකක්ද ඒකෙ තේරුම .. හොයලා බලමු අපි ඒක ගැන අද.
Bol d’or කියන්නෙ ප්‍රංශ නමක්. වාර්ෂිකව ප්‍රංශය ආශ්‍රිතව තියෙන මුලු දවසක් පුරාවට දුවන එන්ඩියුරන්ස් රේස් එකක්. මේ වෙනකොට තරඟ වාර 90කට එහා පවත්වල තියෙනවා. ඒකෙන් වැඩිම වාර ගානක් දිනලා තියෙන්නෙ හොන්ඩා සහ සුසුකි සමාගම්. ඒ 17 වතාව බැගින්. මේ රේස් එකේ අරමුණ වේගෙන් යන එකම නෙමෙයි, ගොඩක්ම බැලෙන්නෙ රයිඩර්ගේ වගේම බයික් එකෙ එක දිගට දුවන කාල සීමාව. දවසක් පුරාවට කිලෝමීටර් 5000ක් පමණ පදිනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මුල්ම රේස් වල තනි රයිඩර්ම රේස් එක පැද්දත් මේ වෙද්දි ඒක රයිඩර්ස්ලා තුන් දෙනෙක්ගෙ ටීම් එකක් වෙනකල් වැඩිවෙලා තියෙනවා. කොහොම උනත් චැම්පියන්ශිප්ස් 17ක් ගත්ත හොන්ඩා සමාගම ඒක සංකේතවත් වෙන්න බයික් මොඩ්ල් එකකට බෝල්ඩර් නම පාවිච්චි කරනවා. ප්‍රංශ භාෂාවෙන් ඒ වචනෙ තේරුම “රන් බඳුන” කියන එකයි.
Honda CB400 Bol d’or
Honda CB1300 Bol d’or