
යකඩ හීන වෙබ් පිටුවේ පළවෙනිම බ්ලොග් පෝස්ට් එකෙන් මන් කතා කරන්න හිතුවා අපිට මේ නිතර නිතර ඇහෙන යතුරුපැදි වර්ග ගැන. ගොඩක් වෙලාව අරන් ලොකු අධ්‍යනයකින් පස්සේ මට හොයාගන්න පුළුවන් උන සේරම වර්ග ගැන කෙටියෙන් පැහැදිලි කරන්න මන් බලාපොරොත්තු වෙනවා.ඉතින් මේ පෝස්ට් වල සම්පූර්ණ සිංහල බලාපොරොත්තු වෙන්න නන් එපා යාලුවනේ.අපි සිංග්ලිශ් වලින් කතා කරගෙන යන් කාට කාටත් තේරෙන විදිහට.අඩුපාඩු තියෙන්න පුළුවන්.ඒවා හරිගස්සන්න ඔයාලට නිදහස තියෙනවා ඕන වෙලේක.හරි එහෙනන් අපි වැඩේට බහිමු.
Standard / Roadster / Naked Motorbikes – ස්ටෑන්ඩඩ් / රෝඩ්ස්ටාර් / නේකඩ් යතුරුපැදි
මේ බයික් තමා එදිනෙදා අපිට පාරෙදි හම්බෙන ඒවා.ඒත් සුලුවෙන් ගන්නත් එපා.එන්ජින් ධාරිතාව සාමාන්‍යයෙන් ඝන සෙන්ටිමීටර් පනහේ වගේ ඉඳහ් දාහටත් එහා වෙනකන් මේ බයික් තියෙනවා.මුලින්ම බයික් එකක් අතට ගන්නව නන් මේ වගේ බයික් කැටගරි එකක් තෝරගන්න එක තමා නුවණට හුරු.බඩු බාහිරාදිය දාන් යන්න ලැගේජ් එකක්, තෙල් ටැංකිය වැහෙන දාපු තව බෑග් එකක්, පැත්තෙන් සවි කරන භාණ්ඩ බහාලුමක් වගේ දේවල් අපිට මේ බයික් වල දකින්න පුළුවන්. ධාවකයාට ඉතාමත් සුවපහසු ගමනක් යන්න පුළුවන් විදිහට මේ බයික් වල රයිඩින් පොසිශන් එක හදලා තියෙන්නේ. ඔය උස නෑ කිය කිය මැසිවිලි නගන අයටත් ගැලපෙන්න වැඩි උසක් නැතිව තමා මේ බයික් හදන්නේ.ඉන් පස්සේ ඔය නේකඩ් සහ රෝඩ්ස්ටර් කියන නම් දෙකත් මේ ස්ටෑන්ඩර්ඩ් එකටම කියන තවත් නම් උනාට ඒ නම් වලින් එන ෆීලින් එකත් එක්ක අපිට වෙනම රූපයක් මැවෙනවා.පොඩ්ඩක් පවර් එකෙන් වැඩි, ආම්බන් කරන්න පොඩ්ඩක් අමාරුයි වගේ දෙයක් හිතට එනවා.ඒ වගේ බයික් වලට කියන්න ඒ නම් යොදාගන්නවා.
Eg: Kawasaki Z1000 / Triumph Street Twin
Cruiser Motorcycles – කෲසර් යතුරුපැදි
කෲසර් කියන වචනෙ සිංහල තේරුම නන් එහා මෙහා යාත්‍රා කරනව වගේ දෙයක්.ඒකෙන් අපිට හිතාගන්න පුළුවන් බයික් එකකට ඇයි එහෙම කියනවා ඇත්තේ කියලා.දිගු දුර ධාවනයට යොදා ගන්න විශේෂයෙන් නිමවපු බයික් වලට අපි මේ නම යොදා ගන්නවා.ශීට් එකේ උස සාමාන්‍යයෙන් ගොඩක් පහළින් තියෙන්නේ.කකුල් උනත් ඉදිරියට ටිකක් බරවෙලා තමයි තියන්න තියෙන්නේ.හැන්ඩ්ල් බාර් එක උනත් ගොඩක් සැප පහසු විදිහට අල්ලගන්න පුළුවන් උසකින් තමා හදලා තියෙන්නේ.කිලෝමීටර් ගණන් දුර පදින්න මේවා තමා ඉතින් නියම යකඩ හීන.මේවයේ තවත් ත්‍රිල් එක වැඩි කරගන්න ඕනා නන් පවර් කෲසර් කියලා නැවත විශේෂ කරපු බයික් තියෙනවා.ඒවායේ එන්ජින් ධාරිතාව බොහෝ වෙලාවට ඉහළ අගයක් ගන්නවා.දුර ට්‍රිප් යන්න, ට්‍රැවලින් වලට බර කෙනෙක්ට මේක තමා ගැලපෙනම යතුරුපැදි වර්ගේ.
Eg-: Ducati Diavel 1260 / Yamaha VMAX
Sport Motorcycles – ස්පෝට් යතුරුපැදි
නිකමට සිහියට ගමු බලන්න උස ශීට් එකක්,පහළට වෙන්න තියෙන හැන්ඩ්ල් බාර් එක, පිටිපස්සට වෙන්න කකුල් තියන ෆුට් රෙස්ට්ස් සහ පිස්සු හැදෙන පවර් එකක්, වේගයක්. ඔව්! ඔය හිතේ මැවුන දේ තමා මේ කියන්නේ. අපිට බොහෝ දුරට මහ පාරට වඩා රේස් ට්‍රැක් වල දකින්න පුළුවන් බයික් වර්ගයක් තමා මේ.මේවයේ දාංගලේ නන් උපරිමේ.ඉදිරියට ටිකක් නැමීගෙනධාවනය කරන රයිඩින් පොසිශන් එකක් තමා බොහෝ දුරට දකින්න පුළුවන්. බයික් එකේ සම්පූර්ණ බර ගත්තම අනික් බයික් වලට වඩා ගොඩක් අඩු කරගෙන තියෙනවා. ඇලුමිනියම්, කාබන් ෆයිබර් වගේ මූලද්‍රව්‍ය යොදාගන්න බෙහෙවින් පෙළඹිලා තියෙනවා. අසූව දශකයේ සුසුකි ජී එස් එක්ස් ආර් යතුරුපැදිය මේ වර්ගේ මුල් පුරුක විදිහට හඳුන්වල දෙන්න පුළුවන්.කනේ වැලි ගෑවෙන්න වංගු ගන්න එහෙම බොහෝම ලේසි විදිහට තමා මේ බයික් ඉපදිලා තියෙන්නේ.මේ ස්පෝර්ට් බයික් නිශ්පාදකයින් තමන් සොයා ගන්න අලුත්ම තාක්ශනේ මේවාට යොදාගන්න නිතරම පෙළඹෙනවා.රේස් ට්‍රැක් එකේ තමන්ගේ ආධිපත්‍ය පතුරුවන්න නිශ්පාදකයින් පැත්තෙන් වෙන දේ වගේම තමන්ට ගැලපෙන යකඩ හීනේ තෝරගන්න එක ධාවකයගේ වගකීමක්.
Eg-: Suzuki GSXR 600 / BMW S1000rr
Touring Motorcycles – ටුවරින් යතුරුපැදි
ටුවරින් බයික් එකක් තියෙන කෙනෙක් එක්ක කතා කරොත් කිලෝමීටර් ලක්ෂ ගණන් දුර ගියපු ලස්සන කතන්දර ගොඩාක් අහන්න පුළුවන් වෙයි.ඒ තරමට දුර ගමන් වලට ඇබ්බැහි වෙච්ච පිරිස තමා මේ බයික් වර්ගෙට යොමු වෙන්නේ.මේ බයික් නන් හැමෝටම ආම්බන් කරන්න ටිකක් අමාරුයි.එන්ජින් ධාරිතාව ඉහළම අගයක් ගන්නවා මේ බයික් වල. තමන්ගේ ඇඳුම් ටික පැක් කරගන්න ඉඩ, තව අත්‍යාවශ්‍ය දේවල් බහාලන්න ඉඩ හදලා දීලා තියෙනවා මේ බයික් වල.
තාක්ෂණේ පැත්තෙන් ගත්තොත් ජි පී එස් දත්ත සහිත මැප්, සැටලයිට් රේඩියෝ වගේ බයික් එකකට තියේවි කියලා හිතන්න බැරි ඊළඟ මට්ටමේ දේවල් මේ බයික් වල ලබා දෙනවා. කෙනෙක්ට කියන්න පුළුවන් කාර් එකක් වගේනේ කියලා. වැස්සට තෙමෙන එක අව්වට කරවෙන එක ඇරුනම සැප පහසුව අතින්,තාක්ෂණේ අතින් ඇත්තටම කාර් එකක් වගේ නන් තමා.මොකෝ මේ බයික් වල ප්‍රමාණය උනත් ලේසි පහසු විදිහෙන් නෙවේ තියෙන්නේ.කෲසර් බයික් වලට වඩා වැඩි සැප පහසුවක් සහ ජවයක් එක්ක දුර ගමනක් යන්න නන් මේක තමා බයික් එක.
Eg-: Honda Goldwing / BMW K1600 GTL
Sport Touring Motorcycles – ස්පෝර්ට් ටුවරින් යතුරුපැදි
මේ බයික් ටුවරින් සහ ස්පෝර්ට් යන වර්ග වල අතරමැදියෙක්.ඒ නිසා හරියටම බෙදා වෙන් කරන්න අමාරුයි.ඒත් ස්පෝර්ට් බයික් එකක පෙනුම සහ ජවය වැඩි වශයෙන් ගත්තු ටුවරින් බයික් වල සැප පහසුවෙන් දිගු දුර යාමේ හැකියාව සහිතව මේ යතුරුපැදි වර්ගේ නිමවෙලා තියෙනවා.
Eg-: BMW S1000 XR / Ducati Multistrada
Scooter Motorcycles – ස්කූටර් යතුරුපැදි
ලංකාවේ නන් දැන් දැන් ප්‍රසිද්ධම යතුරුපැදි වර්ගයක්.ඒ උනාට බටහිර රටවල නන් මුළුමනින්ම වගේ ප්‍රතික්ශේප කරන යතුරුපැදියක්.ඒකට හේතු කීපයක් තියෙනවා.මේ බයික් ගොඩාක් වේගෙන් යන්න නිර්මාණය කරපුවා නෙවේ.ඒ නිසාම වෙන්න ඇති බටහිර රටවල් වල අධි වේගී මාර්ග වල භාවිතයට අමාරු නිසා මේවා ඒ පැතිවල ගොඩක් ප්‍රචලිත නොවෙන්නේ. ඉතා කුඩා එන්ජින් ධාරිතාවන්ගේ ඉඳලා ඝන සෙන්ටිමීටර් 500ක් වෙනකන් වගේ නිමෙවෙලා තියෙනවා.නගරබද ප්‍රදේශ වල ගොඩක් ට්‍රැෆික් තියෙද්දි තමා මේ බයික් වල අගේ තේරෙන්නේ.ඔටෝ ගියර් තාක්ශනේ යොදාගන්න අලුත් ස්කූටර් වල ඒ වගේ ට්‍රැෆික් එකක යන එක ඉතාමත් පහසුයි.බොහෝ ස්කූටර් වල ශීට් එකට යටින් බඩු බාහිරාදිය බහාලන්න ඉඩක් සලසලා තියෙනවා.රයිඩින් පොසිශන් එක නන් අනෙක් බයික් වලට වඩා හාත්පස වෙනස්.ශීට් එකට ඉදිරියෙන් පුටුවක වාඩි වෙලා වගේ කකුල් ඉදිරියෙන් තියාගෙන යන්න තමා නිමවෙලා තියෙන්නේ.ගොඩක් කාන්තාවන් අතර ප්‍රසිද්ධ මේ මාදිලිය නගර බද පරිසරයකට වඩාත් ගැලපෙනවා.
Eg-: Honda Ruckus / Vespa
Moped Motorcycles – මෝපඩ් යතුරුපැදි
ස්කූටර් සහ මොපඩ් කියන්නේ එකම ජාතියද? නෑ. ඒක සම්පූර්ණයෙන්ම වෙනස්.මොපඩ් බයික් වල සැකසුම ගත්තම බයිසිකලයක හැඩ තමා අරගෙන තියෙන්නේ. සරලව පාපැදියකට එන්ජිමක් හයි කරලා ටික ටික දියුණු කරාම එන ඵලයක් වගේ හිතුවොත් හරි.ඉතා කුඩා එන්ජින් ධාරිතාවයන් තමා දකින්න හම්බෙන්නේ ඝන සෙන්ටිමීටර් 50,70 වගේ.පෙට්‍රල් වගේම විදුලියෙන් ක්‍රියා කරන්නත් මේ වර්ගේ බයික් තියෙනවා.බටහිර රටවල නන් දකින්නම නැති තරම්.
Eg- Singer Safari
Off-Road/Dirt Motorcycles – ඕෆ් රෝඩ් / ඩර්ට් යතුරුපැදි
ලංකාවේ අපි නන් මේවගේ බයික් වලට කියන්න පුරුදු වෙලා ඉන්නවා ට්‍රේල් බයික් කියලා.ඉදිරියට නෙරපු කට්ට සහිත ටයර් තමා දකින්න හම්බෙන්නේ. ඕන වැල්ලක,මඩක,ගලක බය නැතුව යන්න හැකියාවක් තියෙනවා. තාර පාරට නන් එච්චරටම සුදුසු නෑ.ඔය කට්ට ටයර් වල කට්ට ටික කැඩෙන්න බලනවා තාර පාරේ පදිද්දි.තනි සිලින්ඩරේ බයික් තමා ගොඩක් වෙලාවට තියෙන්නේ.ප්ලාස්ටික් වලින් හදපු කවර වලින් ලස්සන කරපු මේ බයික් ඕන වෙලාවක ඇදගෙන වැටෙන්න,තැලෙන්න ඔට්ටු වෙලා තමා ඉන්නේ.මෝටර්ක්‍රොස් තරග වලට විශේෂයෙන්ම මේ බයික් තමා යොදාගන්නේ.කුරුල්ලෙක් වගේ පා වෙන්න ආසා අයට මේක තමා හරියන බයික් එක.ඒක ඇවිල්ල වෙනම ආතල් එකක්.
Eg-: Yamaha Yz450f / Suzuki RM450Z
Cafe Racer Motorcycles – කැෆේ රේසර් යතුරුපැදි
කැෆේ රේසර් කියන්නේ ස්ටෑන්ඩඩ් බයික් වලම විශේෂ අවස්ථාවක්.ඔය අපි මොඩිෆිකේශන් කරනවනේ බයික් වලට.ඒ කරනකොට පරණ තාලේ මෝස්තර වලට ගොඩක් සමීපව තමා මේ කැෆේ රේසර් බයික් නිමවෙන්නේ.ඒ වගේ පරණ කාලේ ෆීලින් එකක් එක්ක නිමවෙන බයික් මේ වර්ගයට අයිති වෙනවා.ක්ලැසික් අයිටම් වලට ආසා කොල්ලො කෙල්ලෝ බහුතරයක් දැන් දැන් කැෆේ රේසර් බයික් වලට නැඹුරුතාවයක් පෙන්වනවා.
Eg-: Triumph Street Cup
Scrambler Motorcycles – ස්ක්‍රැම්බ්ලර් යතුරුපැදි
මේ වර්ගයත් ස්ටෑන්ඩඩ් බයික් වල අනුගාමිකයෙක්.ඒ වගේම කැෆේ රේසර් බයික් වල සහෝදරයෙක්.මේ බයික් වල වෙනස තමා කැෆේ රේසර් වගේම උනාට ටිකක් ඕෆ් රෝඩ් ගති ලක්ෂණ පෙන්වන එක.
Eg-: Triumph Scrambler 1200XE / Ducati Scrambler
Supermoto – සුපර්මොටෝ යතුරුපැදි
ම්ම්ම්..නම ඇහුනත් ආසයි.සුපර්මොටෝ කියන්නේ ආයෙ ඉතින් මහ පාරේ ගන්න පුළුවන් උපරිම ආතල් එක ගන්න දෙන බයික් එකක් තමා.ඩර්ට් බයික් වල කට්ට සහිත ටයර් නිසා තාර පාරට භාවිතය අපහසු උනා.ඒ නිසා ඒකට පිළියමක් විදිහට මේ සුපර්මොටෝ බයික් හැදෙන්න ගත්තා.ඩර්ස් බයික් වලට බොහෝ සෙයින් සමාන මේ බයික් වල ටයර් සහ විල් වෙනස්ම ආකාරෙකින් නිමවුනා පාරට හරියන්න.බොහෝ වෙලාවට පළල් ටයර් තමා අපිට දැක ගන්න පුළුවන්.තනි සිලින්ඩරේ බයික් එකක පහස උපරිමෙන් විඳින්න පුළුවන් මේ සුපර්මොටෝ බයික් එකකින්.හයිපර්මොටාර්ඩ් කියන්නේ මේ සුපර්මොටාර්ඩ් වලින් තව ටිකක් ඔබ්බට ගිහින් නිමවුනු ටිකක් බලයෙන් ජවයෙන් වැඩි යතුරුපැදි වර්ගයක්.
Eg-: Suzuki DRZ400SM / Husqvarna 701
Enduro and Dual-Sport Motorcycles – එන්ඩියුරෝ සහ ඩුවල් ස්පෝර්ට් යතුරුපැදි
මේ යතුරුපැදිත් බොහොම බරින් අඩුව තමා නිපදවෙන්නේ.දුර ගමන් වලට එච්චරම සුදුසු නැති මේ බයික් එදිනෙදා පාවිච්චියට ලඟ ලඟ ගමන් වලට ගොඩක් උචිතයි.මොකද කෙට්ටු ශීට් එකෙන්ම දුර ගමනක් යාම අපහසු වෙනවා අපේ ඇඟට.හුලං කපන් යන්න වින්ඩ්ස්ක්‍රීන් වගේ ඒවා නන් දකින්න හම්බෙන් නෑ.එන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමීටර් 650ට අඩුවෙන් වගේ තමා මේ බයික් දකින්න හම්බෙන්නේ.බොහෝ වෙලාවට ඉදිරිපස රෝදය අඟල් 21ක් වෙන්න තමා හදලා තියෙන්නේ.ඒ වගේම ස්පෝක් කූරු සහිත වීල් දකින්න පුළුවන්.ඇත්තටම නම් ගම් වලින් වෙනස් උනාට ඩර්ට් බයික් වලට සමීප සම්බන්ධතා තියෙනවා.වෙනස තියෙන්නේ ඩර්ට් බයික් වල රේසින් පැත්තට බර ගතිය අඩු වෙලා පාරට හරියන විදිහට ඒ පර්ෆොර්මන්ස් එහෙමම තියාගන්න බලාගෙන නිමවපු බයික් වර්ගයක් විදිහට අපිට හම්බෙන එක.
Eg-: Husqvarna TE300i / Kawasaki KLX450R
Adventure Motorcycles – ඇඩ්වෙන්චර් යතුරුපැදි
නමින්ම තේරෙනවනේ වැඩේ.මේක බයික් වර්ග ගොඩක සම්මිශ්‍රනයක්.ටුවරින්,කෲසර් වගේ බයික් වල සැප පහසුව, දුරගමන් යාමේ හැකියාව,නවීන තාක්ෂණේ වගේ දේ උපයෝගි කරගෙන ඕෆ් රෝඩ් බයික් වල තියෙන ඕනම තැනක පහසුවෙන් ගමන කරන්න පුළුවන් හැකියාවත් එකතු කරන් නිම වෙච්ච යතුරුපැදි වර්ගයක්.ඒ වගේම ස්පොර්ට් බයික් වල තියෙන අසීමාන්තික ජවයත් මේ බයික් වලට භාවිතා වෙනවා.බාධක සහිත පාරක් එක්ක දුර ගමන් යන්න කැමති අයට ඔන්න ගැලපෙන බයික් එක.
Eg- : BMW 250GS Adventure / KTM 1290 Super Adventure
ඉතින් මන් හිතනවා මන් මේ යට කරපු මහන්සියෙන් මොනාම හරි දෙයක් ඕගොල්ලො ගන්න ඇති කියලා. තැන තැන තිබ්බ සේරම එක තැනකට ගන්න තමා මට උවමනාව තිබ්බේ.මන් හිතනවා ඒක සාර්ථකයි කියලා.තමන්ගේ අවශ්‍යතාවයට අනුව යතුරුපැදියක් මිලදී ගැනීම,තෝරා ගැනීම අත්‍යාවශ්‍යම කාරණාවක්.ඒ නිසා හරියට හැම දේම ගැනම දැනගෙන හරි දේ තෝරගත්තම කාටත් හොඳයි.වැරදි අඩුපාඩු ඇති.එහෙම තියෙන සේරම මට කියන්න.මන් ඕන වෙලාවක සූදානමින් ඉන්නවා ඒ දේවල් බාර ගන්නත්,වැරදි හදන්නත්.ඉතින් තව කෙනෙක්ටත් වටීවි කියලා හිතෙනවා නන් මේක තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්නත් අමතක කරන්න එපා.එහෙනන් තවත් යකඩ හීන ගැන ලිපියකින් ආයේ අපි හම්බෙමු.