ප්‍රෝ-ලින්ක් පසුපස සස්පෙන්ශන් පද්ධතිය ගැන දන්නවද?

සමහර බයික් වල ස්වින්ග් ආර්ම් එකේ Pro-Link කියල ගහල තියෙනව නේද? නිකමට හිතල බැලුවද ඒ මොකක්ද කියල? මේ කියන්නෙ ඒ ගැන.

Honda XR250 cc Pro-Link Rear Suspension System

Image Credits: Nipuna Dilshan

දැන් නම් සමහර ත්‍රීවීලර් වලත් ඔය ස්ටිකර් එක ගහල තියෙනවා. ඒත් Pro-Link කියන්නෙ HONDA සමාගමේ හැදුව ස්වින්ග් ආර්ම් පසුපස සස්පෙන්ශන් සිස්ටම් එකක්. ලංකාවෙ තියෙන බයික් වලින් ගොඩක්ම ඕක XR වල AX1 වල බලාගන්න පුළුවන්.

Honda AX1 250cc             

Honda XR 250cc

මේ සිස්ටම් එකේදි මොනෝ ශොක් එක කෙලින්ම හයි වෙන්නෙ ස්වින්ග් ආර්ම් එකට නෙමෙයි. ඔය diagram එකේ තියෙනව වගේ තමයි මේ system එක වැඩ කරන්නෙ.

ඒ කියන්නෙ සාමාන්‍ය මොනෝ ශොක් සිස්ටම් එකක් චැසියේ ඉඳල කෙලින්ම ස්වින්ග් ආර්ම් එකට සම්බන්ධ වෙද්දි, Pro-Link සිස්ටම් එක චැසියේ ඉඳල කෙලින්ම ස්වින්ග් ආර්ම් එකට සම්බන්ධ නොවී ඒ වෙනුවට වෙනමම කොටසකට තමයි සම්බන්ධ වෙන්නෙ. ඒ කියන්නෙ කෙලින්ම චැසියේ සිට ස්වින්ග් ආර්ම් එකට වෙනුවට අතරමැද පොඩි සම්බන්ධකයක්, එහෙමත් නැත්නම් Cushion Arm එකක් භාවිතා කරනවා. මෙතනදි තියෙන ලොකුම වාසිය තමයි එන කම්පනය අවස්ථාවන් දෙකකදි කැඩෙන නිසා ධාවකයාට දැනෙන කම්පනය සෑහෙන අඩුයි. 

ලංකාවෙ මාකට් එකේ තියෙන බයික් වලින් මේක හොඳටම අත්විඳින්න පුළුවන් බයික් එකක් තමයි AX1 එක. පැදපු අය දන්නවා ඒක ඩුවල් ස්පෝර්ස්ට් බයික් එකක් උනාට තියෙන සැප කොහොමද කියල. ගොඩක් රළු පාරක උනත් ඇඟට නොදැනෙන්න යන්න පුළුවන්. තව ලොකු වාසියක් තමා මේ සිස්ටම් එක නිසා බයික් එකේ හොඳ රෝද අතර මනා හැසිරවීමක් එහෙම නැත්නම් හොඳ සමබරතාවයක් ඇති වෙනවා. මේක ගොඩක් දකින්න පුළුවන් එන්ඩියුරෝ බයික් වල. හැබැයි අනිත් බයික් වලත් මේක භාවිතා වෙනවා. මේක Pro-Link නමින් හොන්ඩා බයික් වල විතරක් පාවිච්චි උනත් අනික් මාදිලි වලත් මේක භාවිතා වෙනවා. Pro-Link සිස්ටම් එකේ ස්වින්ග් ආර්ම් එන්නෙ ඇලුමිනියම් වලින්. ඒ නිසා බරත් සැහෙන අඩුයි. Pro-Link සිස්ටම්  වල SHOWA ශොක් ඇබ්සෝබර්ස් වගේම KYB ශොක් ඇබ්සෝබර්ත් භාවිතා වෙනවා.

Author – Tharindu Maduranga

Spread the word

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Read English blog of this article

Latest Blogs

Advertising

Instagram