යතුරුපැදි තරග ධාවකයිනි, එක්වන්න ඔබ වෙනුවෙන්!

විනාඩි පහක් වැ‍යකොට ශ්‍රී ලංකාවේ යතුරුපැදි තරගකරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමු!

ශ්‍රී ලංකාවේ යතුරුපැදි ධාවන තරග සඳහා සහභාගී වන සියලුම තරගකරුවන් වෙනුවෙන් යකඩ හීන රේසින් විසින් තවත් වැදගත් කාර්‍යයකට මුල පිරීමට ඔබ සියලු දෙනාගේම දායකත්වය අපේක්ෂා කරමු.
දැනට ලංකාවේ යතුරුපැදි තරග සඳහා සිය ගණනක් තරගකරුවන් තමන්ගේ පෞද්ගලික ධනය, කාලය, ශ්‍රමය වැය කරමින් දායකත්වය දැක්වූවද මෙම තරග වල පළමු, දෙවන, තුන්වන ස්ථාන වලට පමණක් කුසලාන, සහතික සහ මුදල්මය ත්‍යාග ලබා දී එම තරග ඉසව්වේ අනෙක් සියලුම ක්‍රීඩකයන්ට කිසිඳු සහතිකපතක්වත් නොමැතිව නැවත හිස් අතින් නිවස බලා ඒමට සිදු වී ඇත.

මිතුරෙකු ඔබගෙන් තරගයකට සහභාගී වූවා දැයි විමසුවහොත් ඔබ සිව් වෙනියාට තරගය නිම කළද ඔබට පැවසීමට ඇත්තේ “ඔව්” කියා පමණි. ඒ ඇරෙන්නට ඉතිරි වන්නේ තරග ඉසව්වේ ඡායාරූප ශිල්පියෙකු විසින් ගත් ඡායාරූප ටිකක් පමණි. එම ඇල්බම් වලද ඔබ සිටීවිදැයි කියා නිශ්චිතවම කිව නොහැක. තවද රැකියාවක් සඳහා යාමට අමතර සුදුසුකමක් ලෙස අවුරුදු පහක් යතුරුපැදි තරග වලට සහභාගී වූ බව පැවසුවත් අපට එය ඔප්පු කිරීමට එකඳු වලංගු සාක්ෂියක්වත් නොමැත. අවසානයට අප සහභාගී වූ තරගයක් ද නොමැතිව,
ඍණ අගයක් වූ බැංකු ශේෂයක් සහ හිස් වූ පසුම්බියක් සමග ඉතිරි වන්නේ ඔබ ලද අත්දැකීම්, බිඳ වැටුනු අස්ථි කොටස් සහ ලද සීරීම් තුවාල පමණි.

තරග ඉසව් දහයක් ගතහොත් 1, 2 ,3 ලබා ගන්නා 30 දෙනෙකුට පමණක් හිත සතුටින් ගෙදර යාමට හැකි වන අතර, එම එක ඉසව්වක තරගකරුවන් 15 දෙනෙක් තරග වැදුනහොත් තරගකරුවන් 12 දෙනෙකුට ( 15-3 = 12) කිසිඳු කොළ කැබැල්ලක්වත් නොමැතිව ගෙදර බලා යන අතර එම ඉසව් 10ම තරග කරුවන් 120 දෙනෙකු (12×10 = 120) එම තත්වයට පත් වන අතර 30 දෙනෙකු පමණක් තෘප්තිමත් වන බව ඔබට වැටහුනාද? අප සියලු දෙනාම එකට එක්ව අපගේ මෙම ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ඉල්ලීමක් කළ හැකි නම් බලධාරීන්ගේ නෙත් මෙම ගැටලුව වෙත ඇරවීමට අප සමත් වනු ඇත. තරග වලදී 1 සිට 10 ස්ථාන වලට කුසලාන සහ සහතිකපත්‍රද අනෙකුත් සියලු දෙනාටම සහභාගී වීමේ සහතික පතක්ද පිරිණමන ලෙස අප විසින් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වෙමු. යකඩ හීන රේසින් සමග මෙම කාර්‍යයට ඔබ සැම එක්වීම පිළිබඳව අපි ලොකු බලාපොරොත්තුවකින් සිටින අතර මේ සඳහා දායකත්වය ලබා දීමට කැමති තරගකරුවන් අප විසින් පහත සඳහන් කර ඇති ලිපියට ඔබගේ අත්සන යොදා ඔබගේ යතුරුපැදි තරග සඳහා යොදා ගන්නා හැඳුනුම්පතෙහි ඡායා පිටපතක්ද සමග පහත ලිපිනයට 2021 දෙසැම්බර් 25 වෙනි දිනට ප්‍රථම යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඉන් පසු මේ අදහස් පිළිබඳව සාකච්ඡා කිරීමට අදාළ බලධාරීන් සහ නිළධාරීන් වෙත යාමට අපි බලාපොරොත්තුවෙන් සිටිමු.

මෙම අදහස හුදෙක් තරගකරුවන් දිරිගැන්වීම උදෙසා කරන උත්සාහයක් බවත්, මුල් ජයග්‍රහණ වල වටිනාකමට සහ ගෞරවයට හානි නොවීමට වගබලාගත යුතු බවත්, එමගින් ලංකාවේ යතුරුපැදි තරගවල අනාගතය තවත් හොඳ අතකට යන මං පෙත් විවර කිරීමට ධාවකයින් උත්තේජනය කිරීමටත් බලාපොරොත්තු වෙමු.

ෆෝරමය තැපැල් කළ යුතු ලිපිනය :
Yakada Heena Racing,
නො 05,
සුචරිතගම,
අරමනාගොල්ල,
හොරණ.

දුරකතන : 0716329449 (ගෙහාන් )

වැඩිදුර උපදෙස් :

* පහත ලින්ක් එක හරහා ඔබට මෙම ෆෝරමය බාගතකරගැනීමේ හැකියාව ඇත.
* එම ෆෝරමය ඡායා පිටපතක් ගෙන පුරවා හෝ, එහි ඇති තොරතුරු සියල්ල අත් අකුරින් ලියා හෝ අප වෙත තැපැල් මාර්ගයෙන් යොමු කළ හැකිවේ.
* තැපැල් මාර්ගයෙන් යොමු කිරීමට අපහසුනම්, එම ලිපිය පුරවා ස්කෑන් කර අපගේ ඊ මේල් ලිපිනයට යොමු කරන්න.
Email Address : hello@yakadaheena.com
* වැඩිදුර විස්තර සඳහා 0716329449 ඔස්සේ ගෙහාන් අමතන්න.

Author – Shamal Iroshan

Spread the word

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Read English blog of this article

Latest Blogs

Instagram

Advertising