තරුණ Moto3 තරග ධාවක Jason Dupasquier ධාවන පථයේ සිදුවූ දරුණු අනතුරකින් මරණයට පත් වේ.

පසුගිය සෙනසුරාදා, එනම් 2021 මැයි මස 29 වන දින ඉතාලියේ මුගෙලෝ ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරග පථයේ පැවති පෙර පුහුණු තරගයකදී ඉතාමත් දරුණු අනතුරකට ලක් වුනු ස්විස් ජාතික Jason Dupasquier නම් වූ 19 හැවිරිදි තරුණ Moto3 ධාවකයා අද දින, එනම් මැයි මස 30 වෙනි දින මරණයට පත් වී ඇති බව වාර්ථා විය.

“MotoGp  පවුල වෙනුවෙන් අප ඉතාමත් සංවේගයෙන් යුතුව Jason Dupasquier ගේ අහිමිවීම ප්‍රකාශ කරනවා. අපගේ ආදරය සහ කෘතඤතාවය ඔහුගේ පවුලේ අයට සහ කණ්ඩායමේ සාමාජිකයින් හට පළ කරන්නෙමු. සමාදානයේ සැතපේවා”  MotoGP නිළ Twitter පේජයේ මෙසේ ඔවුන්ගේ පණිවිඩය පළ කර තිබුනි.

මෙම ස්විස් ජාතික ධාවකයා ස්පාඤ්ඤයේ හෙරෙස් ජීපී තරග පථයේ හොඳම හත් වෙනි ප්‍රතිඵලයට හිමිකම් කියූවේ සියළු ප්‍රථම තරග පහටම ලකුණු වාර්ථා කරමිනි.

මේ දිනවල සහභාගී වෙමින් සිටි ඉතාලියානු ජීපී තරගයේ ඔහු 10 වෙනි ස්ථානය රඳවාගෙන සිටියේ ප්‍රසාධ ලකුණු 27කට හිමිකම් කියමිනි.

අනතුරෙන් පසුව විනාඩි 40ක් පමණ ධාවන පථයේ වෛද්‍යවරුන් ප්‍රථමාධාර සැපයීමෙන් පසුවයි ඔහුව ගුවන් මගින් රෝහලකට රැගෙන යාමට කටයුතු කළේ.

රෝහල් මාධ්‍ය ප්‍රකාශක පැවසූ අන්දමට ධාවකයාගේ පපු ප්‍රදේශයේ සැත්කමකට භාජනය කිරීමක් මුළු රැය පුරාම සිදු වූ බවත් ඔහුගේ මොළයට ඉතාමත් දරුණු අනතුරක් සිදුවී තිබූ බවද දැන ගැනිමට ලැබිණි.

2011දී සෙපාන් හී මාර්කෝ සිමොන්චෙලි ට සිදුවූ දරුණු අනතුරෙන් පසුව MotoGP තරග ලෝලීන්ට අසන්නට ලැබුණු තවත් වේදනාකාරී පුවතක් ලෙස ඉතිහාසගතවනු ඇත. ඔහු සමාදානයේ සැතපේවායැයි අපි ප්‍රාර්ථනා කරමු.

Jason Dupasquier ධාවකයාව අනතුරෙන් පසු හෙලිකොප්ටරයෙන් රෝහල වෙත ගෙන යන අවස්ථාව Tiziana FABI AFP

Spread the word

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Read Englsih post of this news article

Latest Blogs

Advertising

Instagram