2020 ශ්‍රී ලාංකික ඕෆ් රෝඩ් රේස් ධාවකයින්ට වසරේ තම පළමු අත්දැකීම එක් කිරීමට තන්ඩර් වැලි ධාවන පථය සූදානම් වී සිටිනවා. 2019 වසරේ පළමු තරගය නිළ වශයෙන් පැවැත්වූ මේ ධාවන පථයේ දෙවෙනි දිග හැරුමයි 2020 දී සනිටුහන් වන්නේ. යතුරුපැදි අංශයෙන් මෝටර්ක්‍රොස් සහ සුපර්මොටාර්ඩ් යන අංශ වලින්ද, ට්‍රක් සහ ජීප් රථ සඳහා වෙනමම ඕෆ් රෝඩ් ධාවන පථයක්ද මෙදින ඔබට දැක බලා ගත හැක. දිවයිනේ නන් දෙසින් ඉතාමත් දක්ශ සහ අත්දැකීම් වලින් බහුල ක්‍රීඩකයින් රැසක්ද නවකයින්ද මේ තරගය සඳහා එක් වීමට නියමිතයි. අගාදයට යමින් තිබෙන ලංකාවේ මෝටර්ස්පෝර්ට්ස් ඉසව් වලට මෙලෙස නව පණක් දීම සම්බන්ධයෙන් මෙම ධාවන පථයේ නඩත්තු කටයුතු සහ අයිතිය හිමි හරේන්ද්‍ර යටවක මහතාට අප ස්තූතිවන්ත විය යුතුයි. ඉතින් ඔබටත් පුළුවන් මාර්තු පළවෙනි ඉරු දින මෙම තරගාවලිය නැරඹීමට එක් වන්න. පහළින් ධාවන පථයේ මැප් ලින්කුවද එක් කර ඇත.
Map Link to Thunder Valley Off Road Track :
https://goo.gl/maps/EAduXyHaJpDaqojv8