ශ්‍රී ලංකාවේ මෝටර්ක්‍රොස් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් යකඩ හීන මෝටර්ක්‍රොස් ධාවන පථය සහ පාසල විවෘත කෙරේ

මෝටර්ක්‍රොස් යනු මේ වන විට ලෝකයේ ඉහළ ජනප්‍රියතාවයක් උසුළන ක්‍රීඩාවකි. ලංකාව තුළද මේ වනවිට මෝටර්ක්‍රොස් වෙනුවෙන් සැදී පැහැදී සිටින ක්‍රීඩා ලෝලීන් පිරිසක් එක් රැස් වී ඇත. නමුත් මෙය ක්‍රීඩාවක් ලෙස ඉදිරියට කරගෙන යාමට අයෙකු පෙළඹෙද්දී ඔහුට විවිධාකාර වශයෙන් පැන නගින ගැටළු කිහිපයක් කෙරෙහි අපි අවධානය යොමු කළෙමු.
එනම්,
– ලංකාව තුළ බොහෝමයක් ඉතාමත් ඉහළ මට්ටමේ ධාවන පථ තිබුණද, ආරම්භක පියවරක් ලෙස පුහුණු වීමට එම මට්ටමේ අයට සුදුසු ධාවන පථ වල හිඟතාවය.
– පුහුණු වීම් සඳහා එක් වරම යතුරුපැදියක් මිලදී ගැනීමට හැකියාවක් නොමැති වීම.
– පුහුණු වීම් සඳහා දැනුම බෙදා දීමට නිශ්චිත මානව සම්පත් හිඟ කම.
– පුහුණු වීම් වලට අවශ්‍ය ආරක්ෂක ඇඳුම් පැළඳුම් සහ උපාංග මිලදී ගැනීමට ඇති නොහැකියාව.

මේ පිළිබඳ රුචිකත්වයක් දක්වන සියළු දෙනාට ඒ වෙනුවෙන් තමාගේ මුල් පියවර කිහිපය තැබීමට අත්වැලක් දීමේ අරමුණින් ඉහත කී ගැටළු වලට අපි පිළිතුරු සොයා ගියෙමු.

එනම්,
– ආරම්භක පියවර තැබීමට ඉතාමත්ම සුදුසු ආකාරයෙන් ධාවන පථයක් නිර්මාණය කිරීම. මෙහිදී මෝටර්ක්‍රොස් ක්‍රීඩාවෙහි එන මූලික සංකල්ප සියල්ල අත්හදා බැලීමට ක්‍රීඩකයාට අවස්ථාව උදාවනු ඇත.
– යතුරුපැදියක් නොමැති අයෙකුට වුවද අප විසින් සපයන යතුරුපැදි, තමන් ක්‍රීඩා කරන ඉසව්ව ඔස්සේ ගැළපෙන ලෙස තෝරාගෙන ඉතාමත් දැරිය හැකි මුදලකට කුලී පදනම මත ලබා දීම ( සති අන්තයේ පමණක්).
– සෑම සතිඅන්තයකම මෝටර්ක්‍රොස් ක්ශේත්‍රයේ ප්‍රවීණ ධාවන ශූරීන් ඔබ වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු සඳහා නොමිලෙයේ සේවය සැපයීම.
– මූලික ආරක්ෂක පැළඳුම් කිහිපයක් අප වෙතින් සපයා දීම.

ඉහත කී කරුණු සළකා බැලූ කල්හී තමන්ට තමාගේ සියළු දේ සපයාගැනීමට හැකියාව ඇති අයට මෙන්ම එම හැකියාව නොමැති අයටත් තමන්ගේ සිහිනය සොයා යාමට අපි අත්වැල සපයන්නෙමු.

මෙම ක්‍රියාවලියේ ආරම්භක දිනය ලෙස 2021 මාර්තු මස 14 වෙනි ඉරු දින අප විසින් මෙම ක්‍රීඩාවට ඇළුමක් දක්වන සියල්ලන්ට නොමිලයේ “නවකයන් සඳහා මෝටර්ක්‍රොස් පිළිබඳ හැඳින්වීම” දේශනය සහ ඔවුනට එම අත්දැකීම සජීවීව අත්හදා බැලීමටද නොමිලයේම අවස්ථාව උදා කර දුන්නෙමු.

මේ සඳහා ත්‍රිවිධ හමුදා ශූරයෙකු ලෙස සම්මාන හිමි කරගත්, ත්‍රිවිධ හමුදාවෙන්ම ආසියානු ශූරතාවලියක් සඳහා සහභාගී වූ ප්‍රථම ක්‍රීඩකයා ලෙස නම් දැරූ, ප්‍රවීණ යතුරුපැදි ධානව හා සංදර්ශන ශූරී, මිතුන් ජයසංඛ සිගේරා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රවීණ යතුරුපැදි ශූරී මධුර පීරිස් සහ ධාවන ශූරී ශ්‍රී ගෙහාන් යන අය තමන්ගේ දැනුම බෙදා දීමට එක් වුනි.

ධාවන පථය ඉදිරියට භාවිතා කිරීම පිළිබඳ සැළකූ විට එය දෙ ආකාරයකින් සිදු වීමට නියමිතයි.

යතුරුපැදියක් මේ වන විටත් තමන් සතු ධාවකයින් සඳහා තමන්ගේ පුහුණුවීම් කටයුතු කරගෙන යාමට ධාවන පථය භාවිත කිරීමට හැකිය. ඒ සඳහා එක් යතුරුපැදියකට, එක් දිනකට ස්ථාවර මුදලක් අය කෙරේ.
මෙහිදී යතුරුපැදියේ ධාවන තත්වය සහ අනෙකුත් ආරක්ෂාව සම්බන්ධ සියළු දේ පරික්ෂාකොට බලා පුහුණුවීම් කටයුතු සඳහා සතියේ ඕනෑම දිනක උදෑසන 8:00ත් සවස 6:00ත් අතර සහභාගී වීමට ඉඩ ලබා දේ.

ශ්‍රී ලංකාවට ආගන්තුක ක්‍රමයක් වන කුලී පදනම මත යතුරුපැදි ලබාගෙන පුහුණුවීම් කිරීමට ඇති හැකියාව අප ප්‍රථම වතාවට සලසා ඇත. එමගින් ඔබට යතුරුපැදිය සමග ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සියළුම ආරක්ෂක ඇඳුම් සහ පැළඳුම් සැපයීමට අපි කටයුතු කරන්නෙමු. එමෙන්ම ඔබව පුහුණු කිරීමට අපගේ පුහුණුකරුවෙකු නොමිලයේම එම සේවාව ලබා දීමට සැදී පැහැදී සිටී. අපගේ සියළුම පුහුණුකරුවන් වසර ගණනාවක් ධාවන පථයේ අත්දැකීම් ඇති ධාවනශූරීන් වේ. සරලවම බැලූ කල ආසාව සහ උනන්දුව පමණක් ඇති ඕනෑම අයෙකුට පැමිණ ධාවන පථය තුළට ධාවකයෙක් ලෙස ඇතුළු වීමට අප ඉඩ හසර සලසා ඇත. මිල ගණන් සකසා ඇත්තේ පැයක සහ පැය තුනක කාල සීමාවකටය. අමතර ගාස්තුවක් ලෙස අය වෙන්නේ භාවිතා කරන ඉන්ධන සඳහා පමණි. මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍ය අයෙකු වේ නම් 0716329449 හෝ 0714991444 අංක අමතා දිනයක්, වේලාවක් සහ යතුරුපැදියක් කලින් වෙන් කරවා ගත යුතුවේ.

මෙම සේවාවන් දෙකෙහි නවතම මිල ගණන් සහ සියළුම විස්තර ඔබට පහත වෙබ් පිටුවෙන් ලබා ගැනීමට හැක.
www.yakadaheena.com/racing

අවසාන වශයෙන් අප රට තුළ සිටින සැබෑ දක්ශයන් සොයා ඔවුන්ව ජාත්‍යන්තර තලය තෙක් රැගෙන යාමට කුඩා හෝ උත්ප්‍රේරණයක් ලබා දීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි. විශේෂ දක්ශතා දක්වන අයවලුන් අපගේ තරග කණ්ඩායමට බඳවා ගෙන ඔවුන්ට විශේෂ වරප්‍රසාද ලබා දීමටද ඉදිරියේදී කටයුතු කරන්නෙමු.

Spread the word

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *